බදු පැහැර හරින්නන්ට ජනපති අනුරගෙන් රතු එළියක්!
බදු පැහැර හැරීම සහ බදු වංචාවලට සම්බන්ධ සියලුම ව්‍යාපාරිකයන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
ඒ, ඊයේ (21) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට සහභාගි වෙමින් ය. එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ, අල්ලස් ගැනීමට එරෙහිව ද දැඩි පියවර ගන්නා බවයි.
එසේම, සෑම රාජ්‍ය නිලධාරියෙකුම තමන්ට පැවරුණු රාජකාරිය අමතර ගාස්තුවලින් තොරව ඉටු කළ යුතු බව ජනාධිපතිවරයා එම අවස්ථාවේදී අවධාරණය කළේය.