කිසිදු එන්නතක් ලබාගෙන නොමැති අයට පණිවුඩයක්

president covid19 vaccination second dose vaccine center
By Sewvandhi Aug 06, 2021 12:08 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති අවුරුදු 30ට වැඩි ඕනෑම අයෙකුට එන්නත්කරණය සිදුකරනු ලබන ඕනෑම ස්ථානයකින් එන්නත ලබාදීමට රජය තීරණයකර තිබේ.

එවැනි පුද්ගලයින්ට දෙවන එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම මධ්‍යස්ථානයකින් තම පළමු මාත්‍රාව ලබාගැනීමට පහසුකම් පවතී. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (06) රැස්වූ අවස්ථාවේදී මේ බව සඳහන් වී ඇත.

ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්විණි. මේ අතර කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් වෙත පැමිණෙන කිසිදු රෝගියෙකු අපහසුතාවයට පත්වීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණ හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගර කිහිපයක රෝහල් වෙත දෛනිකව පැමිණෙන රෝගීන්ගේ ඉහළ යෑමක් වාර්තා වී ඇත. එලෙස පැමිණෙන රෝගීන් නිර්ණය කිරීමේ දී ඇතිවන තදබදය හේතුවෙන්, ඔවුන් අපහසුතාවට ලක්නොවිය යුතු බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

________ You May Like This Video__________

තවත් පිරිසක් පාරට බසී?




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now