පූර්ණ හර්තාලයක සූදානමක්?.

Sri Lanka
By krishani Apr 18, 2023 07:13 AM GMT
krishani

krishani

Report

අප්‍රේල් (25) වන දා, දෙමළ ජාතික සන්ධානය හා තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් උතුරු නැගෙනහිර පළාත් වල පූර්ණ හර්තාලයක් පවත්වන ලෙස දැනුම් දී ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත්, උතුරු නැගෙනහිර පළාත් වල ඉඩම් අයිතිය වෙනත් පාර්ශ්ව වලට ලබා දීම, ආගමික ස්ථාන පිළිබදව ගැටලුව,පුරා විද්‍යා නටබුන් ලෙස සලකා දෙමළ ජාතිකයින්ගේ ඉඩම් කොල්ල කෑම යනාදී හේතූන් කීපයකට විරෝධය පල කිරීමට මෙම හර්තාලය ක්‍රියාත්මක කරන බවට වාර්තා වේ.

කෙසේවෙතත්, මෙදින උතුරු නැගෙනහිර සියලුම වෙළඳසැල් වසා දමන ලෙසත් ගමනාගමන කටයුතු පවත්වා ගෙන යාම අත්හිටුවන ලෙසත් සංවිධායකයෝ ඉල්ලා සිටියි.

මේ අතර රජයේ සේවකයින් ද මෙම පූර්ණ හර්තාලයට සහය ලබා දිය යුතු බවට දැනුම් දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join