මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපුවොත් නිකන් ඉන්නෑ අපේ කපාගත්ත සල්ලි ඉල්ලනවා - ජ.වි.පෙ.න්ම චෝදනා

Sri Lanka Politician Government Of Sri Lanka National People's Power - NPP Sinhala news gagana news
By Mithu Jul 27, 2025 01:52 AM GMT
Mithu

Mithu

Report

වර්තමාන ආණ්ඩුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බවට පොරොන්දු දී තිබේ.

කෙසේ හෝ ආණ්ඩුව මන්ත්‍රි විශ්‍රාම වැටුප අහෝසි කළහොත් ජනතා විමුක්ති පෙරමුණ වසර ගණනාවක් තිස්සේ අනීතිකව බලහත්කාරයෙන් ගත් මන්ත්‍රි වැටුප ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු විශ්‍රාමික මන්ත්‍රිවරු නීතිමය ක්‍රියාමාර්ගවලට එළැඹෙන බව මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රි එකමුතුවේ ලේකම් ප්‍රේමසිරි මානගේ කියයි.

ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත

ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයකුව සිට විශ්‍රාම ගිය තිහකට ආසන්න පිරිසක් මේ වන විට සිටිති.එම නිසා මේ සියල්ල පාරට බැස්සොත් ආණ්ඩුවට ජනතා විමුක්ති පෙරමුණේ එක් විශ්‍රාමික මන්ත්‍රිවරයෙක් සඳහා කෝටි තුනකට ආසන්න මුදලක් ගෙවීමට සිදුවන බවද ඔහු අවධාරණය කරයි.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කළහොත් අසාධාරණයට ලක්වන විශ්‍රාමික මන්ත්‍රිවරුන් අතර රාජ්‍ය සේවයෙන් ඉවත් වී දේශපාලනයට ආ පනහකට ආසන්න පිරිසක් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මෙම ගැටලුවට ආණ්ඩුවෙන් විසඳුමක් නොලැබුණහොත් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට මෙන්ම අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට බලාපොරොත්තුවන බවද හිටපු මන්ත්‍රි ප්‍රේමසිරි මානගේ වැඩිදුරටත් පැවසීය.

මෙම චෝදනා එල්ල කරන්නේ ජවිපේ හිටපු මැති ඇමතිවරු වීම විශේෂයි.

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

අද බඹරේ වැල්ලේ කැරකෙන ලග්න 8කට සුබ ලග්න 04කට අසුභ දවසක්

ReeCha