ඔන්න දැන් තමයි වෙලාව ආයේ කාටවත් කොමිස් පගා දිදී ඉන්න ඕනේ නෑ ආයෝජන අවස්ථා විවෘතයි - විජිත

Sri Lanka Politician Vijitha Herath Businessman Sinhala news Breaking News
By Kaushi Jul 26, 2025 04:16 PM GMT
Kaushi

Kaushi

Report

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඊයේ දින වත්මන් රජය දූෂණයෙන් තොර බවත් එබැවින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම සඳහා විදේශීය ආයෝජකයින්ට මෙය ඉතා සුදුසු කාලයක් බවත් පවසා ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සභා ගෝලීය සම්මේලනයේ (GFSLBC) සමාරම්භක වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින්.

ඒ අනුව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දේශපාලනඥයින්ට කොමිස් මුදල් හෝ අල්ලස් ලබා දීමකින් තොරව ආයෝජකයින්ට දැන් තම ව්‍යාපාර කටයුතු ආරම්භ කළ හැකි බවයි.

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

මහ බැංකුවෙන් වාර්තාවක්, එක පවුලකින් හාර ලක්‍ෂ අසූදාහක බදු

එසේම ජනතාවට තම විදේශ විනිමය මෙරට තුළ ආයෝජනය කළ හැකි බවත් සඳහන් කර ඇත.

මෙහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ආයෝජකයින්ට වන බදු සහන ඉක්මනින් ලබා දිය නොහැකි බවත්, එයට යම් කාලයක් ගතවනු ඇති බවත් ය.

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන තත්ත්වය වඩාත් ස්ථාවර වී ඇති වුවද එය පූර්ණ ස්ථාවරත්වයක් නොවන බව පිළිගත් අමාත්‍යවරයා පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව දූෂණය සහ සොරකම් අඩු වී ඇති බව කියයි.

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

ඩඩ්ලිගේ හෝටලේ වැව් රක්ෂිතයට අයිති නෑ, අයිති වැට විතරයි ඒක අයින් කරා නම් ඇති, ලාල්ගෙන් පන්දමක්

එමෙන්ම රට වෙනස් කර ජනතා ජීවිතය නගා සිටුවීමට රජය දැඩි උත්සාහයක් දැරුවද එය තනිව කළ හැක්කක් නොවන බැවින් එයට ව්‍යාපාරික ප්‍රජාවේ සහ මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කර ඇත.

තවද ශ්‍රී ලාංකික ව්‍යාපාරික සභා ගෝලීය සම්මේලනයේ මෙම සමාරම්භක වාර්ෂික මහා සභා රැස්වීමේදී, එහි ප්‍රථම විධායක කමිටුවද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හෙට උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව

හෙට උසස් පෙළ හපනුන්ට ශිෂ්‍යත්ව

ReeCha