ගැබ් ගැනීම් වසරකින් පමා කිරීම ගැන දැනුම් දීමක්..

Covid Sri Lanka Pungent woman
By Aruna Sep 13, 2021 04:50 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් වසංගත අවදානම යම්තාක් දුරකට පහව යන තෙක් ගැබ් ගැනීම් හැකිනම් වසරකින් පමා කරන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු කළ ඉල්ලීම වැරැදි ලෙස අර්ථකතනය කරගත් ඇතැම් ගර්භණී මව්වරුන් තම කුසේ සිටින කළලය ගබ්සා කිරීමට වෛද්‍යවරුන්ගෙන් අවසර ඉල්ලා තිබෙන බව කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා.

ගබ්සාවක් කිරීමට මෙරට නීතියෙන් ඉඩ ඇත්තේ ගර්භණී භාවය හේතුවෙන් මවගේ ජීවිතයට යම් හානියක් සිදුවන්නේ නම් පමණක් බවත් එයත් විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු තහවුරු කර තීබීම මත බවයි වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

ගර්භණී වී ඇති සියලුම මව්වරුන් අනියත බියක් ඇති කර ගතයුතු නොමැති අතර කොවිඩ් වෛරසය ආසාදනය වුවද ඉන් ඇතිවිය හැකි සංකූලතාවන් වළක්වා ගැනීමට කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම අනිවාර්යය බවද වෛද්‍ය ලැනරෝල් මහතා පෙන්වා දෙනවා.

කොවිඩ් මර්දන එන්නත මගින් කුස තුළ වැඩෙන දරුවාට හෝ මවට කිසිදු හානියක් වන බව ලෝකයේ මෙතෙක් කරන ලද පර්යේෂණයන වලින් තහවුරු වී නොමැති බවද වෛද්‍යවරයා පැවසුවා.

මෙරට දී එන්නත ලබාගත් ගර්භණී මව්වරුන් මේ වන විටත් දරුවන් බිහිකර තිබෙන අතර එම දරුවන්ටද කිසිඳු සංකූලතාවක් නොමැති බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now