covid ආසාදිත ගැබිනි මව බිහිකළ ආසාදිත දරුවා මියයයි. මවටත් අසාධ්‍යයි
කොටගල සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් ග්‍රේස්වෙස්ටන් වතුයායේ කොවිඩ් ආසාදිත ගැබිනි මවක් බිහිකල දරුවකු මිය ගොස් ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ තලවකැලේ ග්‍රේස්වෙස්ටන් වතුයායේ කාන්තාවක් ලිදුල ප්‍රාදේශීය රෝහලේදි දරුවකු බිහි කර ඇති බවත් එසේ බිහිකල දරුවා මිය ගොස් ඇති අතර දරුවා බිහි කල මවට අසධ්‍යව නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යැවිමට පියවර ගෙන ඇති බවත්ය.
එසේ ගෙන යන ලද මව රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවකට ලක් කිරිමෙන් පසු එම මව කොවිඩ් ආසාදිතයකු බවට තහවුරුවි ඇති බවත් එම මව බහිකල දරුවාගේ මල සිරුරද පරික්ෂා කිරිමේදි එම දරුවාටද කොවිඩ් ආසාදනයවි ඇති බවට තහවුරුවි ඇති බවද එම නිලධාරියා පවසන ලදි.
මෙම කොවිඩ් ආසාදිත මවගේ ආශ්‍රිතයන් සොයා මේ වන විට පරික්ෂන ආරම්භ කර ඇති බවත් එසේ හමුවන ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට ලක් කර එම පිරිස් පි. සි. ආර්. පරික්ෂාවන්ට ලක් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පවසන ලදි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |