පෙර පාසල් ගුරුවරියකට වැඩ වරදී..!

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Sep 16, 2023 03:25 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කාන්තාවන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වලංගු රැකියා ඇනවුමක් නොමැතිව විදේශගත කරවීමට උත්සාහ කළ, බගවන්තලාව ප්‍රදේශයේ පෙරපාසල් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාන්තාවන් දෙදෙනාව මැලේසියාව වෙත සංචාරක වීසා මත යැවීමට ඇය උත්සාහ කර ඇත. 

අදාල සැකකාරිය අද (16) විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී එම කාන්තාවන් දෙදෙනා මැලේසියාවේ ගෘහ සේවයට යැවීම සඳහා ගුවන්තොටුපොළින් පිටත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පෙරපාසල් ගුරුවරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයකින් අනතුරුව පෙරපාසල් ගුරුවරිය අත්අඩංගුවට ගැනුණි.

සැකකාරිය හැටන් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කෙරුණි. ඇයට මෙම මස 18 වනදා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙසද නියෝග කර තිබේ.

රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවතට - මුදල් රාජ්‍ය ඇමැති

රජය ව්‍යාපාර කිරීමෙන් සම්පූර්ණයෙන් ඉවතට - මුදල් රාජ්‍ය ඇමැති

...........................................................

You may like this video-:


ReeCha