ජපානයට හෙට තීරණාත්මක දිනයක් - දැවැන්ත භුමිකම්පාවක් ගැන අනාවැකියක්

Report

 2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් හෙට (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබෙනවා.

ඒ හෙට දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි තත්ත්වයක් හටගනු ඇති බවට පළවී ඇති අනාවැකියක් හේතුවෙනි.

ජපානයේ කාටූන් චිත්‍ර ශිල්පියෙකු වන රියෝ තට්සුකි විසින් 2021 වසරේදී අඳින ලද The Future I Saw එනම් ‘මා දුටු අනාගතය’ නම් නිර්මාණයේ මෙම අනාවැකිය පලවී ඇත්තේ.

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!

එහි සදහන් වන පරිදි, ජපානය සහ පිලිපීනය අතර සාගර පතුලේ හටගන්නා බිඳීයාමක් හේතුවෙන් මෙම සුනාමි තත්ත්වය ඇතිවන අතර එය 2011 වසරේ ජපානයට බලපෑ සුනාමි තත්ත්වය මෙන් තුන්ගුණයක් විශාල එකක් විය හැකි බව සඳහන් වුණි.

මේ වනවිට මෙම අනාවැකිය සම්බන්ධයෙන් ජපානය, හොංකොං, තායිවානය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල සමාජ මාධ්‍යජාල තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ඒ, ජනතාව තුළ බියක් සහ යම් නොසන්සුන් බවක්ද ඇති කරමිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙවන් පසුබිමක දකුණුදිග ජපාන කලාපයට අයත් තොකෝරා දූපතේ පසුගිය ජූනි 21 වැනිදා රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගත් අතර ඉන් පසුව ගෙවුණු දෙසතියක කාලය තුළ එම දූපත පසුකම්පන 900කට වැඩි සංඛ්‍යාවකට මුහුණදුන් බවයි.

ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඉල්ලා අස්‌ වෙයි

ජපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඉල්ලා අස්‌ වෙයි