දිනෙන් දින රන් මිල අඩුවෙයි - ඔබේ අවස්ථාව දැන්ම!
ඊයේ දිනයේ රන් මිලට සාපේක්ෂව අද (04) රන් මිල පහත වැටී ඇති බව වාර්තා වේ.
කොළඹ චෙට්ටියාර් වීදියේ රන් හා ස්වර්ණාභරණ සංගමය මේ බව ප්රකාශ කර ඇත.
මෙම තත්ත්වය තුළ අද දින රන් මිල රුපියල් 1,000කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
කොළඹ චෙට්ටියාර් වීදියේ අද දින රන් මිලට අනුව,
කැරට් 24 රන් පවුමක් රුපියල් 267,000කට අලෙවි වේ.
කැරට් 22 රන් පවුමක් රුපියල් 245,000කට අලෙවි වේ.
කැරට් 18 රන් පවුමක් රුපියල් 200,500කට අලෙවි වේ.
ඒ අනුව, කැරට් 24 රන් ග්රෑම් එකක මිල රුපියල් 33,375කට, කැරට් 22 රන් ග්රෑම් එකක මිල රුපියල් 30,625කට, කැරට් 18 රන් ග්රෑම් එකක මිල රුපියල් 25,063කට අලෙවි කෙරේ.