වසරේ විශිෂ්ඨම ටෙස්ට් පන්දු යවන්නා සම්මානය දිනාගත් ප්‍රභාත් ජයසූරිය..

Report

සියැට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ සම්මාන උළෙලේ වසරේ විශිෂ්ඨම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය ප්‍රභාත් ජයසූරියට හිමිව ඇත.

ඊයේ (21) ඉන්දියාවේ මුම්බායි නුවර දී එම සම්මාන උළෙල පැවැත්විණ.

මේ වන විට ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් තරග 09 කට ක්‍රීඩාකර ලබාගෙන ඇති කඩුලු‍ සංඛ්‍යාව 59 ක් වේ.

එමෙන්ම වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දියාවේ සුබ්මන් ගිල්ට හිමි විය.

ඔහුට වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්ම වසරේ ජාත්‍යන්තර පිතිකරු යන සම්මාන දෙක ද හිමි විය.

නවසීලන්තයේ ටිම් සවුති වසරේ හොඳම පන්දු යවන්නාට හිමි සම්මානය දිනාගත් අතර හොදම පන්දුවාර විස්ස පිතිකරු සම්මානය ඉන්දියාවේ සුර්යකුමාර් යාදව්ට සහ පන්දුවාර විස්ස හොඳම පන්දු යවන්නා ලෙස බුවනේෂ්වර් කුමාර් සම්මාන දිනා ගන්නා ලදී.

එම සම්මාන උළෙලේ දී එක්දින හොදම පන්දු යවන්නා ලෙස සියැට් සම්මානය හිමිවුයේ ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පාටයි.