නිදහස් සැමරුම් උත්සව වියදම ගැන පළවන වාර්තා සාවද්‍යයි – ජනාධිපති කාර්යාලය
75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ වියදම් සම්බන්ධයෙන් පළවන වාර්තා සාවද්‍ය බව ජනාධිපති කාර්යාලය පවසනවා.
එම කාර්යාලය සඳහන් කළේ ආර්ථික අර්බුදය හේතුවෙන් නිදහස් සැමරුම් නිල රාජ්‍ය උත්සවය පැවැත්වීම වර්ජනය කිරීමට ජනතාව බල කරවූ දේශපාලන ක්‍රියාවලියේ තවත් දිගුවක් ලෙස සාවද්‍ය තොරතුරු ප්‍රචාරය සිදුවන බවයි
. එහි අපේක්ෂාව වන්නේ ව්‍යාජ තොරතුරු හරහා ජනතාව නොමඟ යවා රජය ජනතාවගේ වෛරයට ලක් කිරීම සහ ආණ්ඩුව අපහසුතාවයට පත්කර තම දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම විය යුතු බවයි ජනාධිපති කාර්යාලය පෙන්වාදෙන්නේ. එම කාර්යාලය සඳහන් කර ඇත්තේ ජාතික නිදහස් දින සැමරුම් උත්සවය සඳහා රජය විසින් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදලින් රුපියල් මිලියන 5.8 ක් වැය කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය වන අතර මෙම උත්සවය වෙනුවෙන් මූලික වියදමක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඇස්තමේන්තුගත කර තිබුණ ද එම කිසිඳු මුදලක් වැය කර නොමැති බවයි
. මෙවර 75 වන ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය වෙනුවෙන් රජය විසින් රුපියල් එක් කෝටි එකොලොස් ලක්ෂ 30,011 ක මුදලක් පමණක් වැය කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසනවා. එමෙන්ම ජාතික නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර මෙවර නිදහස් උළෙල වෙනුවෙන් වෙන් කරනු ලැබූ ඇස්තමේන්තුගත මුදල මීට පෙර නිදහස් දින සැමරුම් සඳහා වැය කළ මුදලට වඩා ඉතා අඩු මුදලක් බවයි එම කාර්යාලය අවධාරණය කරන්නේ.
පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතික නිදහස් සැමරුම වැනි අභිමානවත් රාජ්‍ය උත්සවයක් සම්බන්ධයෙන් ගෙනයන සාවද්‍ය ප්‍රචාර කණගාටුවෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
