කාසිය වාසිය අද තීරණය..?

By Sithumi Sep 11, 2022 01:39 PM GMT
Sithumi

Sithumi

Report

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායමේ නායකයා තීරණය කළේ, ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාව කණ්ඩායම ලබාදීමටය. තරගය තව සුළු වේලාවකින් ඩුබායි ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. වැඩිම ආසියානු කුසලාන අවසන් තරග ප්‍රමාණයකට ක්‍රීඩාකර ඇති ශ්‍රී ලංකාව වන අතර අද ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන්නේ 12වැනි ආසියානු කුසලාන අවසන් තරගයටය.

ඉන් අවස්ථා 5කදී ආසියානු ශූරයින් ලෙස කිරුළු පැලඳි ශ්‍රී ලංකාව මේ වනවිට වැඩිම ආසියානු කුසලාන ප්‍රමාණයක් දිනූ කණ්ඩායම් අතර දෙවන ස්ථානයේ පසුවෙයි. පාකිස්තානය මේ දක්වා ආසියානු කුසලාන අවසන් තරග 4කට ක්‍රීඩාකර ඇති අතර අද ඔවුන් සහභාගී වන්නේ 5 වන ආසියානු කුසලාන අවසන් තරගයටය.

ඒ අනුව, වසර 8කට පසුව ආසියානු කුසලානයක පහස විඳීමේ අරමුණෙන් දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමත්, බාබර් අසාම් ප්‍රමුඛ පාකිස්තාන කණ්ඩායමත් ඩුබායි ක්‍රීඩාංගණයේ තරගවැදීමට නියමිතය.