දබ වැස්සේ රටටම කට්ට කළුවරේම ඉන්න වෙයි ද?.
මේ වන විට දිවයිනට බල පෑ අයහපත් කාලගුණය නිසා දිවයින පුරා විදුලිය බිඳවැටීම් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ අනුව විදුලිය බිඳවැටීම් පිළිබඳව 35,000 කට අධිකව වාර්තා වීය.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ පවතින අනාරක්ෂිත තත්ත්වය මත කොස්ගම, සීතාවක සහ මාලිම්බඩ ප්‍රදේශ තුනේ විදුලිය විසන්ධි කර ඇති බවයි.
කෙසේ වෙතත්, විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ සෙසු ප්‍රදේශවලට විදුලිය විසන්ධි වූ හැකි ඉක්මනින් යතාවත් කරන බවයි.
මේ අතර, අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට සහ සම්පූර්ණයෙන් හානියට පත් නිවාස ඉදිකිරීමට රජයේ සහය ඇතිව සහන සැලසීම සඳහා හදිසි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරිමට එකඟතාවයකට පැමිණ තිබෙනවා.
ඒ අද (03) පස්වරුවේ ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරිමෙන් පසුවයි.
කෙසේ වෙතත්, මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ද ලැබී ඇති බව සඳහන් වේ.