මළගමක් මැදම ජෝර්දානය මොහොතකින් ලේ විලක් වෙයි - එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරය මැද රටේ ආරක්ෂාව තර කරන බවට නිවේදනයක්

Report

ජෝර්දානයේ දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 40 දෙනෙකු තුවාල ලැබූ අතර, ඊට සම්බන්ධ තුවක්කුකරුවන් සොයා බලධාරීන් මෙහෙයුම් දියත් කර ඇත.

ඒ අනුව මෙම තත්ත්වය හමුවේ ජෝර්දානය පුරා පිහිටි වෙළඳ සංකීර්ණ, විදේශ තානාපති කාර්යාල සහ වෙනත් ස්ථානවල ආරක්ෂාව තර කර ඇති බව අම්මාන්හි පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය අද(24) ප්‍රකාශ කර තිබෙනවා.

ජෝර්දානයේ 'කරක්' (Karak) පළාතේ පිහිටි ග්‍රීක ඕතඩොක්ස් දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයක් අතරතුර, ඊයේ(23) දහවල් කාලයේදී ප්‍රහාරකයින් විසින් මිනිත්තු කිහිපයක් පුරා වෙඩි තබා තිබුණා.

රටම ඇවිලුණු සිවුරේ ප්‍රශ්නේ විසඳයි - මීට පසු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය මෙන්න - නව ගැසට් නිවේදනය නිකුත් කරයි

රටම ඇවිලුණු සිවුරේ ප්‍රශ්නේ විසඳයි - මීට පසු අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය මෙන්න - නව ගැසට් නිවේදනය නිකුත් කරයි

ජෝර්දාන බලධාරීන් මෙම සිදුවීම හඳුන්වා ඇත්තේ අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවක් වශයෙන්. එසේම මෙහි වගකීම කිසිදු පාර්ශ්වයක් විසින් වහාම භාරගෙන නොමැති බවත් සඳහන්.

ජෝර්දානය වැනි ඇමරිකා එක්සත් ජනපදයේ මිත්‍ර රාජ්‍යයක මෙවැනි ප්‍රහාර සිදුවන්නේ ඉතා කලාතුරකින් වුවද මෑත වසරවලදී ඉස්ලාමීය සටන්කාමීන් විසින් දියත් කිරීමට සැලසුම් කළ කුමන්ත්‍රණ කිහිපයක්ම ව්‍යර්ථ කිරීමට තමන්ට හැකි වූ බව එරට බලධාරීන් සඳහන් කර ඇත.

එසේම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව බලධාරීන් පැවසූ අතර, ඔවුන්ට ජෝර්දානය තුළ හෝ ඉන් පිටත ක්‍රියාත්මක වන යම් සංවිධානයක් සමඟ සම්බන්ධයක් ඇත්ද යන්න තීරණය කිරීමට තවමත් කල් වැඩි බව ද පවසා ඇත.

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න

අද රත්තරන් ගත්තොත් ගාණ අඩුයි - පවුම් පිටින් අඩු වුණ රන් මිල ගණන් මෙන්න