මැයි 1 - 3 විදුලි කප්පාදුව නෑ - 2 සහ 4 විදුලි කප්පාදුව සිදු වන්නේ මෙහෙමයි..

Report

ජාත්‍යන්තර කම්කරු දිනය සහ රාමසාන් උත්සවය යෙදී තිබෙන මැයි මස 1 සහ 3 වැනිදා දෙදින විදුලි කප්පාදු නොකරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

මැයි මස 2 සහ 4 දෙදින තව දුරටත් සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ‘

ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප කලාප 20 ට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ වරින්වර පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 20 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery