විදුලි කප්පාදුව තවත් දීර්ඝ කෙරේ..! හෙට සිට විදුලි කප්පාදු සිදුවන අයුරු

Power cut Sri Lanka Ceylon Electricity Board Power Cut Today Sri Lanka Electricity Prices
By Sewvandhi Jun 26, 2022 10:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව පැය 3 කක් දක්වා දීර්ඝ කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (26) පස්වරුවේ පැවසීය.

ඒ අනුව හෙට සිට ලබන 3 වැනිදා පැය 3 ක් විදුලිය කප්පාදු කරන බවත් ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දිවා කාලයේ පැයයි මිනිත්තු 40 ක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, ලෙස විදුලිය කප්පාදු කරන බවත් රත්නායක මහතා කීය. 

 කොළඹ නගර ද අයත් ‘සීසී’ කාණ්ඩයට සෑම දිනකම පෙරවරු 6.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 2 ක් (ජූලි 2 සහ 3 හැර) ද, එම්,එන්,ඕ,එක්ස්,වයි සහ ඉසෙඩ් යන කළාපවලට සෑම දිනකම (ජූලි 2 සහ 3 හැර) අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා පැය 3 ක් ද, විදුලි කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩ දුරටත් කීය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now