හෙට (05) දිනයේ විදුලි කප්පාදුව සිදු වන අයුරු

Report

හෙට දිනයේ පැය 3 යි විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පැවසීය.

ඒ අනුව ABCD, EFGH, IJKL, PQRS සහ TUVW කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා කාලය ඇතුළත පැය 2ක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය ඇතුළත පැය 1යි විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ මීට අමතරව CC කලාපය සදහා පෙරවරු 06.00 සිට පෙරවරු 09.00 දක්වා කාලය ඇතුළත පැය 3 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now