චීවරධාරියෙකු විසින් සිදු කල දෙයක් හසුවේ...

By Sithumi Sep 25, 2022 02:50 PM GMT
Sithumi

Sithumi

Report

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් ජංගම දුරකථන,ලැප්ටොප් , රත්තරං බිස්කට් රත්‍රං කැබලි ඇතුළු භාණ්ඩ තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ චීවරධාරියෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩුබායි නගරයේ සිට ඕමානයේ මස්කට් හරහා ඕමාන් ගුවන් සේවයේ අංක WY373 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණි එම චීවරධාරියාගේ ගමන්මලු තුළ තිබී අදාළ භාණ්ඩ සොයාගත් බවයි ගුවන්තොටුපොළ රේගුව ප්‍රකශ කළේ. සැකකාර චීවරධාරියා විසින් ජංගම දුරකථන, ලැප්ටොල් පරිගණක, රන් බිස්කට් සහ රන් කැබලි ඇතුළු රුපියල් ලක්ෂ 225ක පමණ වටිනාකමින් යුත් භාණ්ඩ එලෙස මෙරටට රැගෙනවිත් තිබුණා.

මෙම සැකකරු තම ගමන් මල්ල තුල පුද්ගලික භාණ්ඩ අඩංගු බවට රේගුවට හඟවා ගුවන් තොටුපල පිහිටි රේගුවට ප්‍රකාශ කිරීමට භාණ්ඩ නොමැති මගීන් සඳහා වෙන් කර ඇති හරිත මාවත (Green Channel) හරහා ගුවන් තොටුපලෙන් පිටත් වීමට උත්සාහ කර තිබුණා.

එම චීවරධාරියා 23 හැවිරිදි තිස්සමහරාම ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ. නීතිවිරෝධීව රැගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කර සැකකාර හිමිනම දඩ යොමුකිරීමෙන් අනතුරුව මුදාහැරීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබෙනවා