හෙට පැය පහක විදුලි කප්පාදුවක්.. කාල සටහන මෙන්න..
srilanka
Power cut
By Sithumi
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (21) ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 ට පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (20) පස්වරු පැවසීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට හෙට පැය 4 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය කීය. ‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 3 යි විනාඩි 20 ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය. ‘
පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 40 ද, පස්වරු 5.00 සිට රාත්‍රී 1030 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 50 විදුලිය කප්පාදු කරන බව එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.
