දිනකට පැය 02ක හදිසි විදුලි කප්පාදුවක්..
අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ඉතිහාසයේ පළමුවරට කුවේට් හි විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව, දිනකට පැය 02ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන නමුත් රෝහල් සහ ලේ බැංකු සඳහා එම කප්පාදුව සිදු නොකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.
මේ අතර, ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150ක විශාල මූල්‍යාධාරයක් ලබාදීමට අනුමත කර තිබෙන බව වාර්තා වනවා.
ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එම මූල්‍යාධාරය අනුමත කර තිබේ.
මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා මෙම මූල්‍යාධාරය පිරිනමන බවයි පැවසෙන්නේ.