ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලි බිඳවැටීමක්..
Power cut Sri Lanka
Ceylon Electricity Board
TN Weather
Weather
Hatton
By Aruna
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයට පවතින වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවලට දින දෙකක් විදුලිබලය ඇණහිට තිබෙන බව වාර්තා වනවා.
පැවති සුළං තත්ත්වය හේතුවෙන් විදුලි රැහැන් කඩාවැටීමෙන් මෙලෙස විදුලිබලය ඇණහිට ඇති බවයි ප්‍රදේශවාසින් පවසන්නේ.
එම විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම පවතින වැසි තත්ත්වය හමුවේ කාසල්රි ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ලඟාවී ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කර සිටියේ.