විදුලි බිල වැඩි කිරීමෙන් පීඩාවට පත්වන ජනතාවට ජනපතිගෙන් සහන්..?
Power cut Sri Lanka
Ceylon Electricity Board
Power Cut Today
By Sithumi
විදුලිබිල වැඩිකළහොත් ඉන් වඩා පීඩාවට පත්වන දිළිඳු ජනකොටස්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විෂය භාර ඇමති කාංචන විජේසේකර මහතාට උපදෙස් දී ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.
ඒ අනුව වඩා පීඩාවට පත්වන ජනකොටස් වෙනුවෙන් විකල්ප වැඩපිළිවෙලක් සැකසෙනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවා. බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ විදුලි බිල සම්බන්ධයෙන් පවතින සත්‍ය තත්වය ඇමතිවරයා රටට හෙළි කර තිබෙන බවයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින්.