පතුරොම් 15 ක් තිබ්බ උණ්ඩ ගැබේ අයිතිකාරයා හිටපු ඇමැති පෞද්ගලික ලේකම් කෙනෙක්
පොලිස් මූලස්ථානයෙන් කොළඹ නුවර මාර්ගයේ 76 කණුව අවන්හලක් අසල මාර්ගයේ තිබි හමුවූ 9 එම් එම් වර්ගයේ පතරොම් 15 ක් සහිත උණ්ඩ ගැබ හිටපු මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ගේ පුද්ගලික ලේකම්ගේ බවට විමර්ශනවලදී හෙළි වී ඇති බව වාර්තා කරයි.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න
මෙම පතරොම් සහිත උණ්ඩ ගැබ පහුගිය 6 වන දා හමුව තිබුණා.ඒ අනුව මේ පිළිබඳව කෑගල්ල පොලිසියෙන් සිදු කළ විමර්ශනවලින් මෙම පතරොම් ගැබ ගලිගමුව අබන්පිටිය පදිංචි හර්ෂ රගුනාථ සියඹලා පිටිය යන අයගේ බවට හෙළි කර කරගෙන ඇත.
එසේම එය 2008 වර්ෂයේ අමාත්‍යවරයෙක්ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරමින් සිටි කාලයේදී ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කළ පිස්තෝල ගිනි අවියට අමතරව තබා ගත් මැගසිනය බවටත් තොරතුරු හෙළිව ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය අමාත්‍යවරයාගේ සහෝදරයෙක් වන හර්ෂ රගුනාථ සිඹලා පිටිය යන අය පිස්තෝල අවිය දමා තිබූ බෑගයේ සිපරය විවෘත වීමෙන් පතොරම් ගැබ නොදැනුවත්ව වැටුණු බවට පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දී ඇති බව ද සඳහන්.
