ටිබෙටයට චීනයෙන් මොකක්ද මේ කරන අපරාදේ, කිරි සප්පයන් ඇතුළු දරුවන් මිලියනයක් මාපියන්ගෙන් වෙන් කරලා
ටිබෙට් ක්‍රියාකාරී ආයතනය (tibetan action institute - TAI) මඟින් චීන ආක්‍රමණික ටිබෙටයේ ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් මිලියනයක් පමණ චීන රජයේ නේවාසික පාසල්වලට බලහත්කාරයෙන් ඇතුළත් කර ඇති බව වාර්තා කර ඇත.
ඒ අනුව වාර්තා වූයේ ග්‍රාමීය ටිබෙටයේ වයස අවුරුදු 4-6 අතර සිටින පෙර පාසල් දරුවන් අවම ලෙස ලක්ෂයක් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් වෙන් කර චීන පරිපාලනයෙන් පවත්වාගෙන යනු ලබන නේවාසික පාසල්වලට ඇතුළත් කර ඇති බවයි.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න
එසේම වයස අවුරුදු 6-18 අතර ළමුන් සහ නව යොවුන් වියේ පසුවන්නන් ලක්ෂ 9 ක් පමණ නේවාසික පාසල්වලට ඇතුළත් කර ඇති බව පවසයි.
තවද වයස අවුරුදු18 ට අඩු පිරිමි සහ ගැහැණු භික්ෂූන් පවා මෙම අනිවාර්ය පාසල්වලට මාරු කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.
මේ අතර එම පාසල්වල දරුවන්ට ඔවුන්ගේ මව් ටිබෙට් භාෂාව කතා කිරීම තහනම් කර තිබෙන අතර චීන භාෂාවෙන් උගන්වනු ලබන බවත් පවසයි.
තවද ඔවුන්ට චීන භාෂාව ඉගෙන ගැනීමට සහ කතා කිරීමට බල කරන බවත් රාජ්‍ය අනුමත ඉතිහාසය පමණක් උගන්වන බවත් වාර්තා වේ.
ඒ අනුව TAI වාර්තාවේ මෙය සඳහන් වන්නේ ටිබෙට් සංස්කෘතිය විනාශ කරමින් සිටි "ශිෂ්‍ය යටත් විජිතකරණයක්" බවයි.
එසේම අඳාළ වාර්තාවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ වැදගත්කම සම්බන්ධයෙන් ඉගැන්වීම් අඛණ්ඩව ලබා දෙන බව ද වාර්තාවේ වේ.
