ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - ඉරාන ජනපතිට තුවාල

Report

ඉරානය සහ ඊශ්‍රායෙලය අතර උණුසුම් ගැටුම තව තවත් උග්‍ර වීමත් සමඟ, ඊශ්‍රායෙලය විසින් ඉරාන ජනාධිපති මසූද් පෙෂෙෂ්කියාන් මහතාට ඉලක්ක කරමින් සිදුකළ ප්‍රහාරයකින් ඔහුට පාදයේ තුවාලයක් සිදුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ජූනි 13 වනදා ආරම්භ වූ මෙම සටනේදී, ඉරානය න්‍යෂ්ටික ආයුධ සංවර්ධනය කරමින් සිටින බව කියමින්, ඊශ්‍රායෙලය පළමු ප්‍රහාරය එල්ල කළ අතර, අමෙරිකාවද ඊශ්‍රායෙලයෙත් සමග සම්බන්ධ වී ගුවන් බෝම්බ ප්‍රහාර සිදු කළේය.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

මෙහිදී ඉරාන සෙබලුන්, ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයන් ඇතුළු විශාල පිරිසක් මියගිය බව වාර්තා වේ. ඉරාන ආරක්ෂක අංශ චෝදනා කරන්නේ, ඊශ්‍රායෙලීය මිසයිල ඉරානය තුළට කඩා පැනීම නිසා මෙම ඉලක්කගත ප්‍රහාර සිදු කළ බවයි.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

ඉරාන අගනුවර ටෙහ්රාන් නගරයේ පිහිටි ඉහළ මට්ටමේ ආරක්ෂක කවුන්සිලය පැවැත්වූ රහසිගත රැස්වීමකට ජනාධිපතිවරයා සහ ඉහළ නිළධාරීන් රැස්වී සිටියදී, ඊශ්‍රායෙලය විසින් ගුවන් ආඥා සහිත ප්‍රහාරයක් එල්ල කර ඇත.

මණ්ඩපය වටා පිහිටි පිටවීමේ මාර්ගවල් අසළටම බහුවිධ මිසයිල ප්‍රහාර එල්ල වීමත් සමඟ විදුලි සැපයුම බිඳවැටී ඇත.

එහෙත්, ඉරාන ආරක්ෂක අංශය සූදානම්ව තිබූ අවසන් මොහොතේ බේරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපතිවරයා සහ අනෙකුත් නිළධාරීන් ජීවිතයෙන් බේරා ගැනීමට සමත්වූහ.

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මෙම ප්‍රහාරයෙන් පසු ජනාධිපති පෙෂෙෂ්කියාන් ප්‍රකාශ කළේ,

"ඔවුන් මා මරාදමන්න උත්සාහ කළා. ඔවුන් සූදානම් වුනා. නමුත් ඔවුන් අසමත් වුනා." යන්නයි.

තවත් අනතුරු ඇඟවීමක් අනුව, ඊශ්‍රායෙලය ඉදිරියේදී ඉරාන ආගමික නායකයෙකු වන අයතොල්ලා අලි ඛමේනි මහතා මරාදමන සැලැස්මක් සකස් කරමින් සිටින බව වාර්තා වේ.