ටියුෂන් ගුරුවරුන්ට වැඩ වරදි - හිතේ හැටියට පන්ති ගාස්තු ගන්න බෑ?
ජීවන වියදම් දැඩිව ඉහළ යාමත් සමඟ, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ගෙවිය යුතු අධික උපකාරක පංති ගාස්තු නිසා බරපතල ආර්ථික බරක් පීඩනය වන බව සදහන් කරමින්, මව්පිය සංවිධාන රැසක් ජනාධිපතිවරයා වෙත වහාම මැදිහත්වීමක් ඉල්ලා තිබේ.
මෙම සංවිධාන පෙන්වා දක්වන්නේ, බොහෝ උපකාරක ගුරුවරුන් සීමාවක් නැතිව අය කිරීම් සිදු කරන අතර, උසස් පෙළ විෂයන් සදහා පවා එක් විෂයකට රු. 4,500 සිට 5,000 දක්වා ගාස්තු අය කරමින් සිටින බවයි.
ඒ අනුව, මෙම ගාස්තු වියදම අතිශයින්ම වැඩි අතර, එය දිනපතා ආහාර වියදම් පවා පිරවිය නොහැකි තත්වයකට පවුල් රැසක් ගෙනයන බව මව්පියෝ පෙන්වා දෙති.
එනිසා, උපකාරක ගුරුවරුන්ගේ අසීමිත ගාස්තු අය කිරීම සඳහා යම් නීතිමය හෝ පාලන ක්‍රමයක් හදිසි ලෙස පිහිටුවිය යුතු බවත් ඔවුන් සදහන් කරයි.
තවත් ආරංචි මාර්ග අනුව, මෙම ගුරුවරුන්ගෙන් බහුතරය රජයට බදු නොගෙවා, ලක්ෂපති ජීවිතය ගතකරමින් සිටින බවද සදහන් වේ.
මෙම ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා උපකාර පංති ගාස්තු නියාමනය සඳහා යෝජනා සැලසුමක් සකස් කළද, ආණ්ඩු මාරුවීමෙන් පසු එම සැලසුම ක්‍රියාත්මක වීම නවතිණි යැයිද එම සංවිධාන සඳහන් කරයි.
