විභාග ප්‍රතිඵලවලින් අධ්‍යාපනය මැනීමේ ක්‍රමය වෙනස් කළ යුතු බව කියන හරිනි [PHOTOS]
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් අපගේ අධ්‍යාපනය ක්‍රමවේදය දෙස අප බලන්නේ ද පටු ආකල්ප මත බවත් විභාග ප්‍රතිඵලවලින් පමණක් අධ්‍යාපනය මනින ක්‍රමය ඉතාම වැරදි බවත් පවසා ඇත.
එය වෙනස් විය යුතු බව ඇය අද (13) දින පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලයේ පැවති උසස් අධ්‍යාපනයේ මූලිකාංග අර්ථවත් කරමින් දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය අරමුණු කරගෙන පවත්වන පොළොන්නරු දිස්ත්‍රික් "පංකජ සිසු සමුළුව 2025" අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කළා.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න
අග්‍රාමාත්‍යවරිය මෙම අවස්ථාවට සහභාගි වූණේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලය නියෝජනය කරන ජාතික ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය අග්‍රාමාත්‍ය ප්‍රවීන් මනීෂ වත්තේගම ශිෂ්‍යයාගේ ආරාධනයකට අනුව බව සඳහන්.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී තවදුරටත් අදහස් දැක්වූ හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටියේ,
"විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම තුළින් දක්ෂතා සහිත දරුවන්ට තම හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට අපි කැපවෙනවා. සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ ආකල්ප සහිත සංවේදී දරුවන් බිහි කිරීම අවශ්‍ය බව අපේ ජනාධිපතිතුමා නිතරම කියනවා. තමන්ගේ කාර්යය සහ අවශ්‍යතාවය පමණක් ඉටු කරලා පැත්තකට වෙන දරුවන් නෙවෙයි පොදු සමාජය ගැනම හිතල වැඩ කරන දරුවන් බිහි කිරීමයි වැදගත් වෙන්නේ. අද මේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය දැකල මම ඇත්තටම ගොඩක් සතුටුු වුණා. අපේ රටේ අනාගත නායකත්වය භාරගන්න ඉතාම දක්ෂ දරු පිරිසක් ඉන්නවා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි. නිර්මාණශීලීත්වය වගේම මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් දරුවෙක් බිහිකිරීම තමයි අපේ අරමුණ. ඔබේ දක්ෂතා දැකලා මම තවත් ධෛර්යමත් වුණා. ඔබ තමයි අපිට වැඩ කරන්න ශක්තිය දෙන්නේ. අපි සියලු දෙනාම එකතුවෙලා සංවේදී , හොඳ ආකල්ප සහිත සමාජයක් බිහි කරන්න කැපවෙමු" යනුවෙන්.




