ඊ-කොමස් බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය වැරැද්දක් කරලා
ඊ-කොමස් බදු ක්‍රම වෙනස: මුදල් අමාත්‍යාංශයේ වගකීමක් නොකළේ යැයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග චෝදනා කරයි.
ඊ-කොමස් (E-Commerce) ක්‍රමය සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේදී ගත් තීරණයක්, ජනතාවට කඩිනමින් දැනුම්දිය යුතු මොහොතකදී මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රමාද වීමක් සිදුකළ බව නියෝජ්‍ය මුදල් අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා චෝදනා කරයි.
ඔහු පවසා සිටියේ, එම තීරණය මැයි මාසය වනවිට හෝ ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කළ යුතු වූ නමුත්, මුදල් අමාත්‍යාංශය තනිවම ආයතන දැනුවත් කළත්, මහජනතාව දැනුවත් කිරීමේ වගකීම නොපිළිපැදුණා යන්නයි.
ඔහු මෙම අදහස් දැක්වූයේ සතිඅග ඉරිදා පුවත්පතක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීය.
ප්‍ර: ඊ කොමස් ප්‍රශ්නය පිළිබඳව කතා කළොත් මේ වනවිට භාණ්ඩ online ඕඩර් කිරීම්වලදී අපේ පාරිභෝගිකයා දැඩි අපහසුතාවලට පත්ව තිබෙනවා. මෙච්චර කල් ඔවුන්ට එවැනි ප්‍රශ්නයක් මතුවෙලා නෑ ?
පි: අපේ රටේ අන්තර්ජාලය හරහා භාණ්ඩ ගැනීම ඉතා වේගයෙන් ප්‍රචලිත වුණා. එතකොට මේ භාණ්ඩ අපි කියනවා ඊ කොමස් කියලා. මේ භාණ්ඩ ක්‍රොස් බෝඩ් ඊ කොමස් කියන්නේ පිටරටකින් අපේ රටට භාණ්ඩ ගෙනත්, වැඩිපුර අපේ රටට භාණ්ඩ ආවා මිසක් අපේ රටෙන් එවැනි ප්‍රමාණයක් භාණ්ඩ ගිහින් නෑ. මෙතැනදී තියෙන පද්ධති අවභාවිතාවකට මෑතකදී ලක්වුනා. විශේෂයෙන් රේගුව අවස්ථාව දීලා තිබුණා, පසුගිය අවුරුදු කිහිපයේ කිලෝ එකට අඩු පාර්සල් ඉතාම සරල ක්‍රමයකට අඩුබදු අඩු ප්‍රමාණයකට නිදහස් කරන්න. මේ ක්‍රමය පාරිභෝගිකයා සඳහා තමයි තිබුණේ. නමුත් පාරිභෝගිකයාට දීලා තිබ්බ මේ සහනය ව්‍යාපාරිකයෝ පිරිසක් අවභාවිතා කලා. අවභාවිතා කරලා ඉතාම දැවැන්ත ලෙස මේ බදු නොගෙවා භාණ්ඩ ප්‍රමාණයක් වෙළඳ පොළට ඇතුළු කරගත්තා. මේකෙන් බදුත් අහිමි වුණා. දේශීයව නිෂ්පාදනය කරලා බදු ගෙවලා වෙළඳාම් කරන අයටත් හානියක් වුණා. මේ කාරණය තේරුම් අරගෙන විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය අප්‍රේල් මාසයේ තීරණයක් අරන් තියෙනවා රටේ පවතින නීතියට නැවත යන්න. පවතින නීතියට යද්දී අර සෑම භාණ්ඩයකම HS කෝඩ් එක මත බද්දක් ඇප්ලයි වෙනවා වගේම ඩික්ලරේෂන් එකක් දෙන්නත් ඕනෑ. මේ ක්‍රමය නිසා තනි තනි බඩු ගෙනාපු පාරිභෝගිකයා අපහසුතාවට ලක්වුණා.
ප්‍ර : මේක මුදල් අමාත්‍යාංශයේ විෂයක් වෙලත්, තීරණය අරගෙන මාස හතරක් වෙලත් ඇයි රටට පැහැදිලි නොකරන්නේ?
පි: ඔව්. මම මුදල් අමාත්‍යාංශයේ අඩුපාඩුවක් දකිනවා. මේක අප්‍රේල් මාසයේ සිදුවුණේ. මැයි මාසය වෙද්දිත් ජනතාව දැනුවත් කරන්න තිබ්බා, මුදල් අමාත්‍යාංශයට. ඒ ආයතන දැනුවත් කළත් , මහජනතාව දැනුවත් කරලා නෑ. එසේම මේ සම්මුඛ සාකච්ඡාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙතින් රේගු බහාලුම් නිදහස් කිරීමට අදාළව ජනාධිපතිවරයා පත්කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සම්බන්ධවද විමසා ඇත. එහිදී ඔහු සඳහන් කරන්නේ, ජුනි15 වෙනිදා ලැබුණු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට වඩා වැදගත් වන්නේ ඒ සම්බන්ධව කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීම බවත් ඒ සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම මාත්‍යාංශ භාර ලේකම්වරයාගේ සහ විශේෂයෙන් අමාත්‍යවරයාගේ වගකීම බවයි. මුදල් අමාත්‍යාංශයේ ජනාධිපති අනුර කුමාර දිසානායක යටතේ තිබෙන අතර විෂය ගත කරුණට අදාළව සම්මුඛ සාකච්ඡාවේ යොමු කළ පැනය සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ඊට දුන් පිළිතුර පහත දැක්වේ.
ප්‍ර : ආණ්ඩුවට චෝදනා රාශියක් තිබෙනවා. නමුත් දැනට තිබෙන චෝදනාව තමයි පරීක්ෂාවකින් තොරව කන්ටේනර් පැන්නීම. අන්තිමට ආණ්ඩුවට සිද්ධ උනානේ සම්බන්ධව සොයා බලන්න ජනාධිපති කමිටුවක් පත්කරන්න. ඉතින් ඇයි දැන් ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත නොකරන්නේ ?
පි : ආයතනික වශයෙන් සිදුවූ වාර්තාවක් ආවම පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතුයි කියලා ම්ප්‍රදායක් නෑ . ඒ වාර්තාව මත කොච්චර කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නවාද කියන එකයි වැදගත්. මම දන්න විදියට ඒ දාළ අමාත්‍යාංශය ඒ වෙනුවෙන් ක්‍රියාත්මකයි. ජුනි 15 තමයි රිපෝර්ට් එක ආවෙ. ඒ රිපෝට් එක මත පදනම්ව මම හිතනවා ඒ අදාළ අමාත්‍යාංශයේ ලේකම්තුමාට සහ විශේෂයෙන් ඇමතිතුමාට වගකීමක් තියෙනවා ඒ පිළිබඳ ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියලා මහජනතාව දැනුවත් කරන්න.
