කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් කොටු වෙයි

Report

කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතී විරෝධී ආකාරයට මෙරටට ගෙනවිත් ප්‍රවාහනයට සූදානම් කර තිබූ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයෙන් කිලිනොච්චිය, ලොග්ගන්නාවාඩිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදුකළ අඳාළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී, වෙරළ ප්‍රදේශයේ තිබූ සැක කටයුතු කැබ් රථ දෙකක් මෙසේ නිරීක්‍ෂණය වූ අතර ඒවා පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

එම අවස්ථාවේදී අඳාළ කැබ් රථ දෙකෙහි අසුරා තිබූ නීතී විරෝධී ආකාරයට මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ එනසාල් කිලෝග්‍රෑම් 300ක්, කහ කුඩු කිලෝග්‍රෑම් 260ක්, වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 273ක් ඇතුළු කුළුබඩු තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ තොගයක් සමඟ එම කැබ් රථ දෙකද සැකකරුවන් සිව් දෙනා ද නාවික හමුදාව සිය භාරයට ගෙන ඇත.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

එහිදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 39 සහ 49 අතර වයසේ පසුවන්නන් බව සඳහන්. එසේම ඔවුන් එරක්කන්ඩි, ක‍ල්මුනෛකුඩි, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වේ.

මේ අතර නාවික හමුදාව එසේ තම භාරයට ගත් සැකකරුවන් සිව් දෙනා සමඟ කුළුබඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඖෂධ තොගය සහ කැබ් රථ දෙක ඉදිරි නීතිමය කටයුතුවලට කන්කසන්තුරේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා