කිඹුලාවල උණුසුම් වෙයි[VIDEO]
කිඹුලාවල පාර දෙපස ඇති කඩ ඉවත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් පැමිණ ගත් උත්සාහයක් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇති ව තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ ඉදිකිරීම් නීති විරෝධී බව පවසමින් අදාළ නිලධාරීන් පිරිස මාර්ග දෙපස ඇති මෙම කඩ ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
මෙම අවස්ථාවේදී ඔවුන් තිබූ කඩ කිහිපයක් කඩා ලොරියකට පටවා ගැනීමට කටයුතු කිරීමත් සමඟ දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
ඒ අනුව එහි තත්ත්වය පාලනය කිරීම සදහා පොලීසියද පැමිණ ඇති බව වාර්තා විය.
එසේම ඇති වූ උණුසුම් තත්ත්වය සමඟ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පටවාගනු ලැබූ භාණ්ඩ නැවත වෙළෙදුන් හට ලබාදීමට කටයුතු කර ඇති බවත් සඳහන්.