මර්වින් සිල්වා අදත් අධිකරණයට - අන්ත අසරණ වෙලා ඉන්නේ [VIDEO]

Report

අමාත්‍යවරයක වශයෙන් කටයුතු කරමින් අයතා ලෙස වත්කම් උපයාගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව ලබන 28 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (11) නියම කළේය.

රු. මිලියන 500ක් වන්දි ඉල්ලා හරක් කටාගේ බිරිඳ නඩු මගට

රු. මිලියන 500ක් වන්දි ඉල්ලා හරක් කටාගේ බිරිඳ නඩු මගට

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා අධිකරණයට පැමිණ සිටියේය. ඒත් නඩුව විභාග කරන විනිසුරුවරයා අද දින නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව යළි ලබන 28 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම විසින් විත්කිකාර මර්වින් සිල්වා මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිචෝදනාවල සඳහන් කර තිබෙන්නේ 2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බවය.

කෙහෙළියගේ හොර බෙහෙත් නඩුවට අද අධිකරණය මොකක්ද කියන්නේ?

කෙහෙළියගේ හොර බෙහෙත් නඩුවට අද අධිකරණය මොකක්ද කියන්නේ?

ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි 39 ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වේ.

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් mercedes benz රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි 23 ලක්ෂ 75,000ක මුදලක් වැය කර ඇති බවත් හයි හුන්ඩායි මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

ජොන්ස්ටන්ගේ දුවව ගිනි තියන්න හදලද? ජොන්ස්ටන් වන්දි එපා කියයි

මෙම නඩුව තුළින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව දෙකකි.