තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු වෙයි
By Hashini
අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් මෙම නිවාඩු අවලංගු කිරීම ක්‍රියාත්මක බවයි..
පළාත් පාලන ඡන්ද විමසීම ලබන මස 6 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
එයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙතන් බෙදා හැරීමේ කටයුතු ලබන 16 වනදා සිට 29 වනදා දක්වා සිදු කරනු ලබයි.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ලබන 20 වන ඉරිදා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර ඇති බවයි.