ගුරුවරියන්ගේ ඇඳුම ප්‍රශ්නයක් වෙයි..පිරිසක් පාසලෙන් එළියට දමයි..දින 03කට වසා දමන්නැයි විභාග කොමසාරිස් ගෙන් නියෝගයක්..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Grade 05 Scholarship examination Sri Lankan Schools
By Aruna Jan 17, 2025 12:21 AM GMT
Aruna

Aruna

Report

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතුවල යෙදෙන ගුරුවරියන් සාරිවලින් සැරසී නොපැමිණියේ යැයි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පතිනිය විසින් ඔවුන් ගේට්ටුවෙන් ඇතුලට නොගැනීම නිසා ඊයේ (16) දින උණුසුම් තත්ත්වයක් ඇති ව තිබෙන බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් ඇති වූ උණුසුම් තත්ත්වය මත එම ස්ථානයට පොලිසිය පවා කැඳවූ අතර අවසානයේ විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාග මධ්‍යස්ථානය දින තුනකට වසා දමා දැමීමටද තීරණය කර ඇත.

අද ඉතාමත්ම හොඳ වාසනාව ගෙන එන ලග්නය මෙන්න..ලග්න 03ක අය දැඩි කල්පනාකාරීව වැඩ කරන්න.(VIDEO)

අද ඉතාමත්ම හොඳ වාසනාව ගෙන එන ලග්නය මෙන්න..ලග්න 03ක අය දැඩි කල්පනාකාරීව වැඩ කරන්න.(VIDEO)


ගුරුවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ විභාග පිළිතුරු පත් ඇගයීම පාසලක අධ්‍යයන කටයුත්තන් නොව විභාග කොමසාරිස්වරයා යටතේ සිදුවන කාර්යයක් නිසා ඒ සම්බන්ධයෙන් විදුහල්පතිට වගකීමක් නොමැති බවයි.

පාසල් පැවැත්වෙන දිනයක් නිසා ගුරුවරියන් සාරි ඇඳ පාසල් භූමියට ඇතුළු විය යුතු බවට, විදුහල්පතිනිය තදින් දැනුම් දී ඇති බවයි පැවසෙන්නේ.

ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් එය පාලනය කිරීමට පොලිසිය පවා කැඳවා තිබිණ.

පොලිසිය ද මැදිහත් වුවත් එම තත්ත්වය සමථයකට පත් නොවු නිසා විභාග කොමසාරිස් ජනරාල්රයා විසින් විභාග මධ්‍යස්ථානය වසා දමා දැමීමට තීරණය කර ඇත.

ලක්ෂ 12ට විට්ස් කාර් එකක්..හැමෝම කාර් ගේන්න යයි..නලීන්ගේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් ආණ්ඩුව කරපු දේ බලන්න.

ලක්ෂ 12ට විට්ස් කාර් එකක්..හැමෝම කාර් ගේන්න යයි..නලීන්ගේ පොරොන්දුව ඉෂ්ඨ කරමින් ආණ්ඩුව කරපු දේ බලන්න.


මේ පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්වරයා සහ අධ්‍යාපන ලේකම්වරයා වහා මැදිහත්වී නිසි පියවරක් නොගතහොත් ඉක්මන් ක්‍රියා මාර්ගයකට යොමු වීමට සිදුවන බව, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන ලංකා ගුරු සංගමය ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියි.

රට පුරා පාසල්වල විභාග උත්තර පත්‍ර අගයන ගුරුවරුන් තමන්ට පහසු ඇඳුමකින් එම කටයුත්තේ නිරත වීමට බාධා මෙතෙක් මතුව නැති බවත් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පමණක් එවැන්නක් සිදුවීම පිළිගත නොහැකි බව ද ප්‍රශ්න කරයි.

You May Like This Video


ReeCha