තවමත් දැම්මේ නැද්ද එහෙනම් මෙන්න අවස්ථාව..වහාම කාලය දීර්ඝ කරයි..

Election Commission of Sri Lanka Election Latest Headlines Sri Lanka election updates
By Sewvandhi Oct 08, 2024 12:11 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඔක්තෝබර් 08 දින මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාද වීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන 2024 ඔක්තෝබර් මස 10 (බ්‍රහස්පතින්දා) දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළ බවය.

ඒ අනුව, අයදුම්පත්‍ර භාර ගැනීම අවසන් දිනයේ දී එනම්, 2024 ඔක්තෝබර් මස 10 දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ඒවා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බව සඳහන් වේ.

අයදුම්පත්‍ර ලැබීමේ දී සිදු විය හැකි ප්‍රමාදය වලක්වා ගැනීම සඳහා 2024 ඔක්තෝබර් මස 09 සහ 10 දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර තැපෑලට භාර දීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික් අනුව වෙන්කර වෙන වෙනම කවර වල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බව දන්වා ඇත.

එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරනු ලබන බව ද සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සිය නිවේදනයෙන් දැනුම් දී තිබේ.

Gallery