ආණ්ඩුවේ තවත් මගඩියක් - වරාය දොඹකර ගන්න පස්වරක් ටෙන්ඩර් කැඳවලා

Report

නොගැලපීම’ යන ශිර්ෂය යටතේ වරාය මුදල් කොට්ඨාශියීය ස්වාධීන සේවක සංගමයේ සභාපති තරංග ජයසිංහ මහතාගේ අස්සනින් එම ලිපිය යොමුකර තිබේ.

කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයට ‘ස්ට්‍රැඩල් කැරියර්ස්’ මිලදීගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී සපුරාලිය යුතු සුදුසුකම් සහ මාර්ගෝපදේශන නැවත නැවත ලිහිල් කරමින් අවස්ථා 5 කදී ටෙන්ඩර් කැඳවා ඇති බවත් එම පර්යන්තයේ ජංගම උපකරණවලින් ඉහළම ප්‍රාග්ධන ආයෝජනයක් වන ‘ස්ට්‍රැඩල් කැරියර්ස්’ යාත්‍රා ඵලදායිතාවය, නැංගුරම්පොළ කාර්යක්‍ෂමතාව සහ සමස්ත පර්යන්තයේ ධාරිතාව සඳහා සෘජුවම දායක වන වේ.

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

රත්තරන් ගන්න අදහසක් තියෙනවද? පිස්සු හැදෙන අද රන්මිල මෙන්න

‘ස්ට්‍රැඩල් කැරියර්ස්’ නැගෙනහිර බහලු පර්යන්තයේ මෙහෙයුම්වලදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීම නිසා ඒවා මිලදීගැනීමේදී ජාත්‍යන්තරව පිළිගැණෙන ප්‍රමිතීන්, නිර්ණායක සහ සුදුසුකම් සළකා බැලීම අත්‍යවශ්‍ය බව කියන වරාය මුදල් කොට්ඨාශියීය ස්වාධීන සේවක සංගමය ඒ සඳහා ලංසු කැඳවීමේදී තරගකාරිත්වය වැඩි කිරීම යන පදනම මත ලිහිල් සුදුසුකම් සහ නිර්ණායක ඉදිරිපත් කර ඇතත් එම අරමුණ ඉටුවී නොමැති බව ද සඳහන් කරයි.

පළමු ටෙන්ඩරය එස්ටීඑස්. දොඹකර 12 ක්, ඒආර්එම්ජී දොඹකර 40 ක් සහ ‘ස්ට්‍රැඩල් කැරියර්ස්’ 30 ක් ලෙස නියමිත නිර්ණායකවලට අනුකූලව, දෙවැනි ටෙන්ඩරය කුලී ආකෘතිය යටතේ වසර 15 ක කාලයට, තෙවැනි ටෙන්ඩරය කුලී ආකෘතියයටතේ අඩු කරන ලද සුදුසුකම් සහ නිර්නායක යටතේ, සිවුවැනි ටෙන්ඩරය ඉතිරි ‘ස්ට්‍රැඩල් කැරියර්ස්’ 15 සඳහා සහ පස්වැනි ටෙන්ඩරය දෙමුහුන් ‘ස්ට්‍රැඩල් කැරියර්ස්’ සඳහා කැඳවූ බවත් මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ බවත් එම ප්‍රකාශ කරයි.

"මට සමාවෙන්න මම වැරදියි" මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කිව්වට ප්‍රසිද්ධියේ සමාව ගනී

"මට සමාවෙන්න මම වැරදියි" මාර්ටින් වික්‍රමසිංහ මෝඩයා කිව්වට ප්‍රසිද්ධියේ සමාව ගනී