විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේ
කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන ව්‍යාපාර සඳහා ලබා දී ඇති බදු නිදහස් කිරීම් සහ දිරිගැන්වීම්වල කාලසීමාව සහ විෂය පථය අඩු කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශවලට අනුකූලව, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත්තේ පසුගිය 20 වැනි දිනයි.
මෙම සංශෝධනය ‘උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සහ ‘උපාය මාර්ගික වැදගත්කමක් ඇති ද්විතීයික ව්‍යාපාර යන කාණ්ඩ දෙකටම අදාළ වේ. ඒ අනුව, ‘උපායමාර්ගික වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාර සඳහා 2025 රෙගුලාසි මගින් නිදහස් කිරීම් ආරම්භ කිරීමේ දිනය' ලෙස ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කළ දිනය සඳහන් වේ.
එතැන් සිට ඔට්ටු ඇල්ලීමේ සහ ක්‍රීඩා බදු පනත, විනෝද බදු ආඥා පනත, විදේශ විනිමය පනත සහ කම්කරුවන්ගේ රැකියා අවසන් කිරීමේ විශේෂ විධිවිධාන පනත යන පනත්වල ද නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් හිමිවනු ඇත.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන කාලය තුළ කාණ්ඩ 4 ක් යටතේ ආයෝජකයින්ට නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් හිමිවන අතර, A කාණ්ඩයේ ව්‍යාපෘති කාලය වසර 5ක් ලෙසත්, B කාණ්ඩයේ ව්‍යාපෘති කාලය වසර 6ක් ලෙසත්, C කාණ්ඩයේ ව්‍යාපෘති කාලය වසර 8 ක් ලෙසත්, D කාණ්ඩයේ ව්‍යාපෘති කාලය වසර 4 ක් ලෙසත් තීරණය කර තිබෙනවා.