ජනප්‍රිය විකට නළු රොබෝ ශංකර් හදිසියේ අභාවප්‍රාප්ත වේ

Report

ජනප්‍රිය දෙමළ විකට නළු රොබෝ ශංකර් (46) අද (18) අභාවප්‍රාප්ත විය.

ඔහු සෙංගමාලය, විජලනය සහ රුධිර පීඩන ගැටලු හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ චෙන්නායිහි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියේය.

රූගත කිරීම් අතරතුර මයිනම් වීම හේතුවෙන් ඔහු රෝහල් ගත කරන ලද අතර, ප්‍රතිකාර ඵල රහිත වීමෙන් ඔහු මිය ගිය බව රෝහල පවසයි.

ඔහුගේ හදිසි වියෝව දෙමළ චිත්‍රපට කර්මාන්තයේ සහ රසිකයන් අතර කම්පනය හා ශෝකය ඇති කර ඇත.

ඉන්දියාවේ විජයි රූපවාහිනියේ 'කලක්කපෝවතු යාරු' වැඩසටහනෙන් කුඩා තිරය හරහා ජනප්‍රියත්වයට පත් රොබෝ ශංකර්, මාරි, විස්වාසම්, පුලි වැනි චිත්‍රපටවල ඔහුගේ අද්විතීය විකට රංගනයන් හරහා රසිකයන්ගේ හදවත් තුළ නොමැකෙන ස්ථානයක් ලබා ගත්තේය.

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව

5000හේ නෝට්ටු එක්ක ගණුදෙනු කරනව නම් දෙපාරක් හිතන්න - මෙන්න හේතුව

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්

රන් මිල පහතට වැටෙයි - මිලදී ගන්න තවත් හොඳ අවස්ථාවක්