රෝහලේ සිට අද පාප් වහන්සේ ජනතාව හමුවට

By Shehan Mar 23, 2025 03:16 AM GMT
Report

මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද (23) ජනතාව හමුවේ පෙනී සිටීමට සැලසුම් කර ඇත. රෝමයේ වේලාවෙන් අද මධ්‍යහ්න 12ට මෙම හමුව සිදුවනු ඇතැයි වතිකානය නිවේදනය කළේය.

රෝහල්ගත කිරීමෙන් මාසයකට පසු, උන්වහන්සේගේ පළමු ඡායාරූපය ද පසුගිය දිනක වතිකානය විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

ප්‍රබල පක්ෂයක දේශපාලකයකුගේ බිරියක් බඩුත් එක්කම මාට්ටු! (VIDEO)

ප්‍රබල පක්ෂයක දේශපාලකයකුගේ බිරියක් බඩුත් එක්කම මාට්ටු! (VIDEO)

88 හැවිරිදි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය මස 14 වැනිදා පෙනහලුවල ඇති වූ නියුමෝනියා ආසාදනයක් හේතුවෙන් රෝහල්ගත කර තිබුණි.

උන්වහන්සේ රෝගී තත්ත්වයෙන් සුවය ලබමින් සිටින බවත්, එහෙත් තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය බවත් සඳහන් වේ.