නොහිතූ ලෙස පොල්පිතිගම සමූපකාර ඡන්දයේ ජය ඒකාබද්ධ විපක්ෂයට
පොල්පිතිගම සමුපකාර නිලවරණයේදී ජාතික ජනබලවේගය පරදා බහුතර බලය අත්කර ගැනීමට ඒකාබද්ධ විපක්ෂය ඊයේ 26 වැනිදා සමත්ව තිබේ .
මෙම ඡන්ද විමසීමේ දී ඒකාබද්ධ විපක්ෂය නියෝජිත ධූර 100 ක් හිමිකරගෙන තිබේ .
ජාතික ජන බලවේගය නියෝජිත ධූර 23 ක් හිමිකරගෙන ඇත.
පොල්පිතිගම විවිධ සේවා සමූපකාර සමිතිය ප්‍රාදේශික තිහකින් සමන්විත වේ.
එයින් ප්‍රදේශික පහක බලය නිතරගයෙන් ජාතික ජන බලවේගයට හිමිව ඇත .
එක් ප්‍රාදේශිකයක නාමයෝජනා ශූන්‍ය වී තිබූ හෙයින් තෝරා ගැනීමට නියමිතව තිබූ සාමාජික ධුර එකසිය විසිපහෙන් ධූර දෙකක් අවලංගු වී තිබේ.
ඒ අනුව නියෝජිත ධූර 123 ක් තෝරා ගැනීම සිදුවුණ අතර, එහි බලය නියෝජිත ධූර 100 ක් හිමිකර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය ලබාගෙන ඇත.