මුළු රටම කම්පා කරමින් සමාජ මාධ්‍යවල උඩු දුවපු වීඩියෝවක සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
මෑතකදී සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවක දක්නට ලැබුණු බළලෙකුට අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව අඳාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සත්ව සුභසාධන සන්ධානයේ (AWC) සාමාජිකයින් විසින් කරන ලද පැමිණිල්ලකින් අනතුරුව, තලටු ඔය පොලිසිය මඟින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
පොලීසිය සඳහන් කළේ පැමිණිල්ල ලැබී ටික වේලාවකට පසු ඇතුල්ගම ප්‍රදේශයේදී වයස අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.
එසේම සැකකරුවන් දෙදෙනාම එකම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
සැකකරුවන්ට අනුව, මෙම සිදුවීම සිදුවී ඇත්තේ මාසයකට පමණ පෙරයි.
ඒ අනුව පොලීසිය කියා සිටියේ සැකකරුවන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දණ්ඩ නීති සංග්‍රහයේ 411 වගන්තිය, පොලිස් ආඥා පනතේ 63 (අ) වගන්තිය සහ සත්ව හිංසනයට අදාළ නීති යටතේ චෝදනා එල්ල කරන බවයි.
එමෙන්ම තලාටු ඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව සඳහන්.
ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර ප්‍රතික්ෂේප වේ.. පිටු ගණන අඩු කිරීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නැද්ද? බරපතළ චෝදනාවක්