ලංකාවම නොඉවසිල්ලෙන් බලන් ඉන්න LPL අවසන් මහා තරගයේ වාසිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට
2026 ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර මේ වනවිට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවී ඇත.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වූයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කරමින්. මෙම තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය භානුක රාජපක්ෂ හට හිමිව ඇත.
එසේම ගෝල් ගැලන්ට්ස් පිළ මෙහෙයවනු ලබන්නේ, දසුන් ශානක විසින්.
මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගාල්ල කණ්ඩායම වැඩිම අවස්ථා සංඛ්‍යාවක් නියෝජනය කළ ක්‍රීඩකයා වශයෙන් දසුන් ශානක අද (08) දින වාර්තා පොත් අතරට එක් වූ අතර ඔහු එම කණ්ඩායම නියෝජනය කරමින් තරග 21කට ක්‍රීඩා කර තිබීමත් විශේෂත්වයක් වේ.