රට තුළ බරපතළ ව්‍යාකූලත්වයක් සහ අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති බවට විපක්ෂ නායකගෙන් හඬක්

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජය ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ යන පොරොන්දු මාලාව ජනතාව හමුවේ තැබුවද, අද වන විට රට තුළ බරපතළ ව්‍යාකූලත්වයක් සහ අවිනිශ්චිතතාවක් නිර්මාණය වී ඇති බව සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ, ‘සසුනට අරුණ’ වැඩසටහන යටතේ සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවට සහ දහම් පාසල් ගොඩනැගිල්ලට අවශ්‍ය රුපියල් ලක්ෂ 14ක් වටිනා සෙවිලි තහඩු පූජා කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එමෙන්ම විපක්ෂ නායකවරයා සඳහන් කළේ අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කරනු වෙනුවට, රජය විසින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බවයි.

සත්ව(සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි - ඉදිරියේදී නිල බලපත්‍ර ලබාගැනීම අනිවාර්යයි

සත්ව(සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වෙයි - ඉදිරියේදී නිල බලපත්‍ර ලබාගැනීම අනිවාර්යයි

ඒ අනුව මෙම ක්‍රියාකලාපය හේතුවෙන් රට තුළ ඒකාධිපති, ආඥාදායක සහ ඒක පක්ෂ පාලනයක් ස්ථාපිත වීමේ අවදානමක් පවතින අතර, අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ අවිශ්වාසයක් ද ගොඩනැඟෙන බව ඔහු පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා,

''රටේ 30%-40% අතර ප්‍රමාණයක් දුප්පතුන් බවට පත්වී ඇති අතර, බඩු මිල ඉහළ යාම සහ රැකියා අහිමි වීම නිසා ජනතාව පීඩාවට පත්ව සිටිනවා. වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 137ක් වැය වන බව පිළිගන්නා රජය, ගොවියාට පොරොන්දු වූ රුපියල් 150 සහතික මිල වෙනුවට ලබා දෙන්නේ රුපියල් 120ක් පමණයි. මීගමුව බන්ධනාගාරයේ සිදුවීමට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කළද, අනතුරුව මහර, වැලිකඩ, කුරුවිට සහ පල්ලන්සේන යන බන්ධනාගාරවලද ගැටලු මතුවෙලා සමස්ත බන්ධනාගාර පද්ධතියම අකර්මන්‍ය වී තිබෙනවා.‘ක්‍රමයේ වෙනසක්’ සිදුකරන බව පවසා බලයට පැමිණියද, කිසිදු යහපත් වෙනසක් සිදුව නැහැ''

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුමක් මෙච්චරයි - හිතුවට වඩා මිල වෙනස් වුණ අද රන් වෙළඳපොළේ මිල ගණන් මෙන්න

රටම ලේ විලක් කළ බන්ධනාගාර ගැටුම් සියල්ලට හේතුව එළි වෙයි - කුමන්ත්‍රණය රටටම කියන රංජිත්

රටම ලේ විලක් කළ බන්ධනාගාර ගැටුම් සියල්ලට හේතුව එළි වෙයි - කුමන්ත්‍රණය රටටම කියන රංජිත්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න