පොලිස් කොස්තාපල් වරයෙකු නිළ ඇදුමෙන්ම ගොස් කොල්ලකෑ පුවත..
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිට සෝදිසිකරන මුවාවෙන් මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑ බව කියන, පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනෙක් ඉකුත් 9 වැනිදා රාත්‍රියේ වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
පොලිසිය පවසන්නේ සැකකාර කොස්තාපල් ඇතුළු තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහිව සිටින බවත් අයිස් පානය සඳහා මුදල් සොයා ගැනීමේ අරමුණින් පොලිස් නිල ඇඳුම පිටින්ම ත්‍රිරෝද රථයකින් ගොස්, මෙම කොල්ලය සිදුකර ඇති බවයි.
සැකකාර කොස්තාපල් ඉකුත් 9 වැනිදා රාජකාරිය නිමා කර නිල ඇඳුමෙන් ඔහුගේ ගෝලයන් දෙදෙනා ද සමග එක්ව ත්‍රිරෝද රථයකින් මීතොටමුල්ල හන්දියේ රේල්පාර අසල නිවසකට එදින රාත්‍රියේ ගොස් එය පරීක්ෂා කරන මුවාවෙන් නිවසේ පුද්ගලයකු පැළඳ සිටි මුදු දෙකක් ඇතුළු 35,000කට ආසන්න වටිනාකමින් යුත් මුදල් හා දේපළ කොල්ල කා ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.