සැඟවී සිටින තිදෙනෙක් ගැන පොලීසියෙන් නිවේදනයක්..

By Sithumi Apr 22, 2023 10:36 AM GMT
Sithumi

Sithumi

Report

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කරන සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 පසුගිය මාර්තු 29 වනදා මිදිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදී මෝටර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් එම හෝටලයේ හිමිකරුව වෙඩිතබා ඝතානය කර තිබුණා.

එම ඝාතනය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන අපරාධය සඳහා පැමිණි මෝටර් රථය සොයා ගෙන තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී මෙම අපරාධය සඳහා පැමිණි තවත් සැකකරුවන් තිදෙනෙකු සම්බන්ධව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම පුද්ගලයින් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලීසිය පවසනවා.

ඔවුන්ගේ ඡායාරූප ත්‍රිත්වයක්ද පොලීසිය විසින් ප්‍රසිද්ධියට පත් කර තිබෙන අතර ඔවුන් පිළිබඳව යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

දුරකථන අංක සහකාර පොලිස් අධිකාරි - මාතර අපරාධ කොට්ඨාසය - 071 8592910 ස්ථානාධිපති / මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය - 071 8596406