කෝටි 06ක් අරන් පැන්න රියදුරා STF එකෙන් අල්ල ගත්ත හැටි මෙන්න.(PHOTOS)

Hatton Sri Lanka Bank STF operation
By Aruna Nov 02, 2021 05:36 AM GMT
Aruna

Aruna

Report

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක ඒ.ටි.එම් යන්ත්‍රයට (01) දින බැර කිරිමට වැන් රථයකින් රැගෙන පැමිණි රු හය කොටි හැත්තැහතර ලක්ෂ දහ නව දහසක මුදලක් රැගෙන පලා ගිය වැන් රථයේ රියදුරා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් මුදල් සමග අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

හැටන් නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් බැර කරනු ලබන්නේ මහනුවර නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකින් වන අතර,(01) දින පස්වරු 1.50 ට පමණ සැකකාර රියදුරා සමග එම පෞද්ගලික ආයතනයේ නිලධාරින් දෙදෙනෙක් සහ ගිනි අවියක් සහිත ආරක්ෂිත නිලධාරියෙකු බැංකු ශාඛාව වෙත වැන් රථයෙන් පැමිණ තිබෙනවා.

ආරක්ෂක නිලධාරියා සහ අදාල නිලධාරින් දෙදෙනා වැන් රථයෙන් බැස බැංකු ශාඛාව වෙත ගිය අවස්ථාවේ වැන් රථයේ රැදි සිටි රියදුරා වැන් රථය රැගෙන පලාගොස් ඇති බවයි එම ආයතනයේ නිලධාරින් සහ ආරක්ෂක නිලධාරයා විසින් හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

එම වැන් රථයේ සවි කර තිබු GPS යන්ත්‍රය අනුව සැකකරු ගමන් ගන්නා මාර්ගය පිළිබදව හැටන් පොලිසියේ නිලධාරින් සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දිමෙන් අනතුරුව සැකකරුව නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ කැප්පට්පොල ප්‍රදේශයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් (01) දින පස්වරු 3.30ට පමණ අත්අඩංගුවට ගෙන කැප්පට්පොල පොලිසිය වෙත භාර දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වන නිසා සැකකරු සහ පොලිස් භාරයට ගත් මුදල් තොගය හැටන් පොලිසියට (01) දින රාත්‍රියේ භාර දී තිබෙනවා.

(42) හැවිරිදි සැකකරු දියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හැටන් පොලිසිය දැනට කරන මුලික පරික්ෂණ වලදි අනාවරණය වි තිබනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery