මොහු දන්නව නම් වහාම පොලිසියට දැනුම්දෙන්න..විශේෂ ඉල්ලීමක්.(PHOTOS)

Police Sri Lanka Mirihana picketing
By Aruna Apr 09, 2022 01:52 AM GMT
Aruna

Aruna

Report

මාර්තු මස 31 වැනි දින මිරිහාන පොලිස් වසමේ පරණ කොට්ටාව පාර පැඟිරිවත්ත පාර මංසන්ධියේ දී කලහකාරී ලෙස හැසිරෙමින් පොදි දේපලවලට අලාභ හානි සිදුකර ඒ අසල වූ බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා අනර්ථයන් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අදාළ අපරාධමය සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහාය අපේක්ෂ කරන බවයි.

එම අවස්ථාවේ ලබාගත් සී.සී.ටී.වී. දර්ශන ඇසුරින් බස් රථ ගිනි තබන ලද පුද්ගලයෙකුගේ රුවට සමාන වන පරිදි අඳින ලද සිතුවමක් ද පොලීසිය විසින් මාධ්‍ය වෙත මුදා හැර ඇත.

එම සැකකරු ගැන යම් තොරතුරක් වෙතොත් විමර්ශන භාර පොලිස් අධිකාරිවරයාගේ දූරකථන අංකය වන

071-8591755ට හෝ 071-8594929

යන ස්ථානාධිපති - ඩිජිටල් වෝහාරික අංශය වෙත හෝ

011-2444265

යන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත හෝ දැනුම්දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.

ඡායා රූප පහතින් දැක්වේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now


GalleryGalleryGallery