ප්‍රධාන රෝහලක ජල ටැංකියෙන් මතුවූ පොලිස් සැරයන්ගේ සිරුර..දින 51ක් දුර්ගන්ධය සමග රෝගීන් වතුර බීලා.

Police Gossips Death body Gampola hospital
By Aruna Nov 01, 2021 01:54 AM GMT
Aruna

Aruna

Report

ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් සැරයන් වරයෙකුගේ මළ සිරුරක් රෝහලට වතුර සපයන වතුර ටැංකියේ තිබී පසුගියදා හමුවී තිබුණි.

එම තැනැත්තා අතුරුදන්වී දින 51කට පසු එසේ හමුවූ සිරුර අධික ලෙස නරක්වී තිබු අතර එම සිරුර සමග වූ ජලය රෝගීනුත් පානය කර තිබුණි.

මෙම මරණය සැක සහිත බව මියගිය අයගේ පුතා කියයි . ගම්පොළ ශික්ෂණ රෝහලේ පානීය ජල ටැංකියේ තිබී සොයාගත් පොලිස් සැරයන්වරයාගේ මරණය සැක සහිත බව ඔහුගේ පුත් එස්.

අභිමාන් පවසයි. ප්‍රතිකාර සඳහා ගම්පොළ රෝහලට ඇතුළත් කර සිටියදී මීට දින 51කට පෙර රෝහලින් අතුරුදන්ව සිටි ඔහුගේ නරක් වූ මළ සිරුර ජල ටැංකියේ තිබී මෙසේ සොයා ගනු ලැබීය.

එලෙස මියගොස් ඇත්තේ කොත්මලේ පොලිසියේ සේවය කළ එස්. ඉලංගෝවන් (52) නමැති පූඬළුඔය පදිංචි අයෙකි.

පවුලේ අය සමග කොරෝනා රෝගයට ගොදුරුව සුවවී පසුව නැවතත් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මොහු ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබිණි.

සැප්තැම්බර් මස 08 දින දහවල් සිට මොහු ප්‍රතිකාර ගත් වාට්ටුවෙන් අතුරුදන්ව ඇති බවට ලැබී ඇති පැමිණිලි මත ගම්පොළ පොලිසිය, පූඬළුඔය හා කොත්මලේ පොලිසි වලින් පරීක්ෂණ සිදු කරමින් සිට ඇත.

රෝහලේ බීමට ගන්නා ජලයේ අධික දුර්ගන්ධයක් තිබෙන බවට වාට්ටුවලින් ලැබුණු පැමිණිලි මත මෙම ජල ටැංකිය පරීක්ෂා කිරීමේදී එහි මෙම සිරුර තිබී ඇත.

අඩි 40කට අධික උසකින් යුත් මෙම ජල ටැංකිය තුළ තිබී මෙම සිරුර හමුවන විට එය බෙහෙවින් නරක් වී තිබිණි.

සිය පියාගේ මරණය පිළිබඳව එස්. අභිමාන් මෙසේ ප්‍රකාශ කළේය.

තාත්තාට ගෙදරවත් සේවය කළ පොලිසිය තුළවත් කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ.

ඒ නිසා මේ මරණය ගැන සැකය වැඩියි. අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා.

ගම්පොළ - සුරංග රාජනායක


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now