අතුරුදන් වූ තරුණයෙකු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි..

By Piyumika Feb 03, 2025 09:28 AM GMT
Report

අතුරුදන් වූ තරුණයෙකු සොයාගැනීම සඳහා මහජන සහාය ඉල්ලා සිටිමින් පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

පසුගිය 17 වනදා එම තරුණයා අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි.

මැති ඇමතිවරු විදෙස් සංචාර වලට මෙච්චර කැමති ඇයි...ජනපති පැවසු දේ..(VIDEO)

මැති ඇමතිවරු විදෙස් සංචාර වලට මෙච්චර කැමති ඇයි...ජනපති පැවසු දේ..(VIDEO)

ඒ පිළිබඳව ඔහුගේ පියා විසින් කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති අතර එම පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

අතුරුදන් වූ තරුණයා මහදෙණිය, එළුවාවල, දෙනිපිටියාය ලිපිනයේ පදිංචි පොල්වත්ත ගොල්ලගේ නවොද් ගිම්හාන් 29 හැවිරිදි තරුණයෙකි.

පෙර පිනෙන් බිහිසුණු අනතුරෙන් අනු නවයෙන් බේරුණු ජිවිත..(VIDEO)

පෙර පිනෙන් බිහිසුණු අනතුරෙන් අනු නවයෙන් බේරුණු ජිවිත..(VIDEO)

ඔහු උස අඩි 05 අඟල් 05ක් පමණ, තලෙළු සිරුර, කොණ්ඩය කොටට කපා ඇත, රැවුල වවා ඇති අයෙකු බව පොලීසිය විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මෙම තරුණයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකතන අංක :-

1. මූලස්ථාන පොලිස් පරීක්ෂක පොලිස් ස්ථානය කළුතර දකුණ :- 071-8591691

2. ස්ථානාධිපති අපරාධ විමර්ශන අංශය, පොලිස් ස්ථානය කළුතර දකුණ :- 071 - 8594360  

අතුරුදන් වූ තරුණයෙකු සොයාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.. | Police Seek Public Assistance


You may like this video