මැති ඇමතිවරු විදෙස් සංචාර වලට මෙච්චර කැමති ඇයි...ජනපති පැවසු දේ..(VIDEO)

Report

රජය විසින් ගෙන ඒමට නියමිත අයවැය මඟින් 2025 වසර තුළ ජනාධිපතිවරයාගේ වියදම 50%කින් අඩුකර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මේ පෙබරවාරිය අසුබ විය හැකි පිරිසක් ගැන ජනපති දුන්න ඉඟිය..

මේ පෙබරවාරිය අසුබ විය හැකි පිරිසක් ගැන ජනපති දුන්න ඉඟිය..

ජාතික ජන බලවේගයේ කුරුණෑගල සුහද හමුවට ඊයේ (02) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර තමාගේ ඉන්දීය සහ චීන නිල සංචාරයන් තුළ දී රජයේ මුදල් ලෙස වියදම් වූයේ ගුවන් ටිකට් පත් සඳහා වැයකළ මුදල පමණක් බවයි මෙහිදී ජනාධිපති අනුර කුමාර වැඩිදුරටත් පැවසුවේ.

නොමිලයේ බෙදාදීම සඳහා ලැබුණු ආහාර කිලෝ ලක්ෂ 15ක් ගබඩාවේම තියෙද්දිම කල්ඉකුත් වෙලා....

නොමිලයේ බෙදාදීම සඳහා ලැබුණු ආහාර කිලෝ ලක්ෂ 15ක් ගබඩාවේම තියෙද්දිම කල්ඉකුත් වෙලා....

මෙම නිල සංචාරයන් සඳහා ආණ්ඩුවෙන් තමන් වෙත වියදම් සඳහා ලැබුණු ඩොලර් දීමනාව යළි ගෙනවිත් රජයට භාරදුන් බවයි ජනාධිපතිවරයා මෙම සුහද හමුව අමතමින් සඳහන් කර සිටියේ.

මෙහිදී  ජනපති විසින් හිටපු ජනපති වරුන් වන රනිල් වික්‍රමසිංහ හා ගෝඨාභය රාජපක්ෂ මෙන්ම ජනපති ආර්යාවක් වන හේමා ප්‍රේමදාස හට නිල නිවාස බාරදීම සම්බන්දව ස්තුතිවන්ත වූ අතර තවම නිල නිවාස බාරනොදුන් හිටපු ජනපති වරුන් හට ශිෂ්ට සම්පන්න වන ලෙසද ඉල්ලා සිටින ලදී.


You may like this video